හෝප් කතාවෙහි දෙවන කොටස
හෝප්ව ඇයගේ නිවස අසල සිටින ඇගේ පන්තියේම ඉගෙනුම ලබන මිතුරෙකු විසින් ඇයව පාසලෙන් රැගෙන ඒමට රැගෙන යාමට කටයුතු කරනු ලබනවා. ඔහු ඇයට පවසන්නේ නැවත අසනීප නොවන ලෙසටය.
මේ අයුරින් හෝප්ගේ දවස් ගෙවීයාම සිදු වෙමින් පැවතුණි. ඇය සාමාන්‍ය අතට හැරෙමින් තම දෛනික කාර්යයන් සඳහා සිය අවදානය ලබා දෙමින් කටයුතු කරමින් සිටින සමයක නැවත වරක් පියා විසින් අපරාදකරු මුණ ගැසීමට සිය මිතුරෙකු සමඟ පිටත් වන්නට විය. එම අවස්ථාවේ දී හෝප්ගේ පියා විසින් ඔහු හට අනුකම්පා කළ යුතුද නැති ද යන්න සිතමින් කතාබහේ යෙදෙන්නට විය.
අපරාදකරු දිගිහින් දිගටම කියා සිටියේ තමන් එම අවස්ථාවේ බීමතින් සිටි නිසා අවසිහියෙන් සිටිබවටය. එමනිසා තමන්ට කිසිවක් මතකයට නඟා ගැනීමට නොහැකි බවත් එවැනිදෙයක් සිදුව ඇත්නම් තමන් ඊට දඬුවම් විදිය යුතු බවට ඔහු හෝප්ගේ පියාට දන්නවා සිටින්නට විය.
එහෙත් හෝප්ගේ පියාහට ආවේගයපාලනට කර ගත නොහැකිව ඔහු විමසා සිටියේ මෙවැනි දෙයක් කරන්නට තමන්ගේ හිත දුන්නේ කෙසේද? යන වගය. එවිට අපරාධකරුවා විසින් කිසිත් නොදැනෙන තරමට "තාත්තා වගේම තමා දුවත් පාලනයකර ගන්න හරිම අමාරු වුණාමට". මෙම ප්රශාකයත් සමඟ හෝප්ගේ පියාට දැඩි කෝපයක්, දුකක්, වේදනාවක් ඇතිවන්නට විය. කෙසේ හෝ මොහුට දඬුවම් ලබා දිය යුතු බවට සිතා ගන්නට විය.
අවසන් නඩුවාරය පැමිණීම සිදු වන්නට විය. එහිදී නැවතත් හෝප්ව එම සභාවට රැගෙන ඒම සිදුකළ අතර ඒ හරහා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් ද ක්‍රියාත්මකවන්නට විය. ඇය විසින් අපරාධකරුවා හඳුනා ගැනීමෙන් අනතුරුව නඩුකාරවරයා විසින් අසන ලද ප්‍රශ්න සඳහා ද පිළිතුරු දෙන්නට විය. එහෙත් අපරාධකරුවාගේ පැත්තෙන් සැම විටම ප්‍රකාශ වූයේ තමන්ට කිසිවක් මතක නැති බවය.
කෙසේ හෝ සියලු දෙනාම බලාපොරොත්තු වෙන් සිටි එම තීරණාත්මක නඩු තීන්දුව නඩුකාරාවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු කියා සිටියේ වන්දි මුදලක් ගෙවීමට සිදුවන අතරම වසර 8ක් දක්වා සිරදඬුවමක් ලැබීමට තීන්දු කරන බවටය. අවුරුදු 8කින් ඔහු නිදහස් වී පැමිණෙන විට හෝප්ගේ වයස අවුරුදු 18ටත් අඩුය.
හෝප්ගේ පියා විසින් සිදුනොවිය යුතු යැයි බලාපොරොත්තු වූ එම නඩුතීන්දුව ලැබීමත් සමඟ මුලු නඩුතීන්දු වාරයේ දීම එය අසා සිටී පිරිස් වෙතින් දැඩි චෝදනාවන් නඩුකාරවරයාට එල්ල වන්නට විය. හොප්ගේ පියාගේ යහළුවෙකු විසින් නඩුකාරාවරයා වෙතින් තදින් ප්‍රශ්නකරන්නට විය.
කෙසේ වෙතත් සිදු වූ සිදුවීම සහ අපරාධකරුවා පෙර දී තමන් වෙත සඳහන් කරනු ලැබූ කරුණු සිහිවීමත් සමඟ හෝප්ගේ පියාට දරා ගත නොහැකි කම්පනයක් ඇති වීමෙන් අපරාධකරුට පහරදීමට සැරසෙන විටදී හෝප් තම පියාගේ කකුලෙහි එල්ලී එය වළක්වාලීම සිදුකරනු ලබයි.
නඩුතීන්දුව එසේ සිදුවීමෙන් අනතුරුව හෝප් තම පාසල් ගමන ආරම්භ කරන්නට විය. ඇය පාසලට යන මාවතේ දී එම සිදුවීමට මුහුණ දුන් ස්ථානය දැකීමෙන් යම් ව්‍යාකූල තත්ත්වයකට පත් වන්නට වූවත් ඇය එම තත්ත්වයට මුහුණ දීමට ආරම්භ කරන්නට විය.
අවසානයේ තමා පිටුපසින් පැමිණෙන තමන් ආසම කාටූනයේ වීරයා තම පියා බව ඇයට අවබෝධ වන්නට විය. හෝප් තම පියාව මඟ හැරීම නවතාලන්නට වූයේ ඔහු තරම් ඇය පිළිබඳව වදවන කෙනෙකු නොමැති බව ඇයට වැටහී ගිය නිසාවෙනි.
මව විසින් ද සූරියකාන්ත සායනය වෙත හෝප්ව රැගෙන යාමට අමතක නොකරන ලදී. එම සායනයේ භාරකාර කාන්තාවගේ දියණියට ද මෙවැනි ම වූ සිදුවීමක් සිදුවන්නට වූ බවත් ඇය අවුරුදු 16දී සියදිවි නසා ගත් බවටත් එම නිසා මෙම සායනය තමන් විසින් ආරම්භ කරන්නට වූ බවට හෝප්ගේ මවට සඳහන් කරන්නට විය.
සමස්ත සිනමා නිර්මාණය පිළිබඳව සාරංශයක් දැක්වුව හොත් , ලෝකයේ ඔබ කුමන හෝ තැනක ජීවත් වූවත් මිනිසා සතුව පවත්නා මානව ගුණාංගයන් වෙනස් වන්නේ නැත. හොඳ නරක යන දෙපාර්ශවයම එම මානවයා තුළ සියයට 50/50 පවතී. තවමත් පුංචි දරුවෙකුට පවා තනිවම හරියාකාරව මහමග තනිවම යාමට තරම් ආරක්ෂිත වටපිටාවක් ලෝකය තුළ නොපවතින බවට මෙම කතාව තුළින් නිරූපණය වේ.
ලෝකට ක්‍රමයෙන් දියුණුවෙමින් පවතින බව සැබෑවකී. එහෙත් බාහිර සාධක හරහා ඇතිවන දියුණුව ලෝකයක පැවැත්මට බලානොපානු ලබයි. එයට හෝතුව නම් මෙම සමස්ත ලෝකයම රඳා පවතිනු ලබන්නේ මිනිසා විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් හේතුවෙන් නිසාවෙනි.
ජීවී පිරිස් කොතරම් මිහිපිට ජීවත් වුවද මිනිසාට තරම් බුද්ධිමට්ටමක් ඔවුනට නොමැත. එමනිසා බාහිර සාධකයන්ගේ දියුණුව හරහා ලෝකය තව දුරට සුඛිත වූ ස්ථානයක් වූවාට එහි වෙසෙන මිනිසා දැනුම, කුසලතා, ආකල්ප යන තෙවදෑරුම් සංකල්පයන්ගෙන් දියුණු වීම සිදු නොවුණහොත් ජීවත් වීම යන කාරණාව පවා අතිශයින් අපහසුකාරනාවකි.
හෝප් අවුරුදු 8ක පුංචි දරුවෙක් වූවත් තමන්ට යම් අනතුරක් වූ විට කටයුතු කළ යුත්තේ කෙසේද යනවග ඇය දැනසිටින්නට විය. තමන් අනතුරකට ලක්ව ඇති බවට අවබෝධවීමත් ඒ සඳහා පොලිසීය ඇමතීම පළමු වශයෙන් සිදුකළ යුතු බවටත් එවැනි අවස්ථාවකදී පවා ඇයට සිතුනේ නම් ඇයට ලැබී තිබෙන පාසල් අධ්‍යාපනය හා පවුල වෙතින්, ඇය අවට වටාපිටාවෙන් ලැබී තිබෙන අවබෝධය දැනුම සැලකිය යුතු මට්ටමක ඇති බවට අපට මෙම සිනමා නිර්මාණය තුළින් අවසානයේ දී අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ.
එසේම කරදරකාරී අවස්ථාවක දී අත්නොහැර තමන් වෙනුවෙන් යම් කැපකිරීමක් කිරීමට තරම් උණුසුම් හදවතක් ඇති පුද්ලයෙන් තවමත් සිටිනා බවට හෝප්ගේ මවගේ සහ පියාගේ යහළුවන්ගෙන් අපට දැක ගත හැකිය.
දෙමාපියන්ගේ හැසීරීම් දරුවන්ට ඍජුවම බලපාන බව මෙහිදි සඳහන් කළ යුතුවේ. එයට හේතුව නම් හෝප් රෝහලේ සිට නිවසට පැමිනීමෙන් අනතුරුව ඇගේ මවගේ යහළුවාගේ පුතා සහ ඔහුගේ යහළුවන් විසින් කිසි විටෙකත් හෝප්ව තනි නොකිරීමට කටයුතු කරන්නට විය.
අවසානයේ තමන්ගේ පවුල තරම් තමන් හට පිහිටක් තවත් නැති බවට හෝප් අවබෝධ කර ගත් අතර තම පවුලට එකතු වූ නව සාමාජිකයා වූ මල්ලී තමන්ගේ නව ආරක්ෂකයා යනුවෙන් ඇය අවබෝධකර ගත් අතර ඔහුව වඩාත් හොඳින් බලාගැනීමට තමන් ද කැපවෙන බවට සිතා ගන්නට විය.
ඔබ යම් වරදක සැබෑ වරදකරුවෙකු යැයි හැඟවෙන්නේ ඔබේ හෘදසාක්ෂියද ඊට නිසි තීන්දුව විටින් විට ලබා දීමට කටයුතු කරන විටදීය. නඩුකාරවරයාගේ එම තීන්දුව ඇස්බැන්දුමට ලක් වූ නීතියට අවනත වුවද ඔහුගේ හෘදසාක්ෂියට අවනත නොවන පවට එම අවස්ථාවේ දී අපට සිනමා නිර්මාණය නරඹන විට අවබෝධ වේ.
මෙය හුදෙක් අසාමාන්‍ය කතා පුවතක් නොවේ. සමාජයේ තවමත් සිදුවන සිදුවීමක එක් නඩුතීන්දුවක් ලබා ගත් එක් කතා පුවතක් පමණී. නඩුතීන්දු නොමැති කිසිවෙකුත් නොදන්න තවත් බොහෝ මෙවැනි කතාපුවත් තිබිය හැකිය. විය යුත්තේ මානව ගුණාංගයන් වර්ධනය වීමය. නඩුතීන්දු පොතෙහි හෘදසාක්ෂියට පිටු පෑමට විරුද්ධව ද නඩුගොනු කළ හැකි නීති සම්පාදනය කළ යුතුය.
-නවෝද්‍යා වික්‍රමසිංහ-
13 comments:
❤️
♥️🔥
Nice❤
beautiful Story
Nice story✌
Nice one😍
nice content ♥️🔥😍
♥️♥️
❤️❤️
😻❤️
interesting...
Wow
woow 💝
Post a Comment