Showing posts with label korean movie. Show all posts
Showing posts with label korean movie. Show all posts

Wednesday 14 June 2023

Ditto

අවුරුදු 20ක පරතරයක් , කාලය හරහා ගමනක්....

💬 Ditto 2022 (ඩිට්ටෝ) 

*️⃣ Drama/ Fantasy/Romance 


Ditto යනු 2022 වසරේ නිකුත් වූ දකුණු කොරියානු චිත්‍රපටයක් වන අතර එය Seo Eun-young විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලදී.  Yeo Jin-goo , Cho Yi-hyun , Kim Hye-yoon , සහ Na In-woo රංගනයෙන් දායක වේ. 

1999 දී යොන්ග් විශ්ව විද්‍යාලයක යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හදාරනවා. ඔහු මුලින්ම පාසලට ඇතුළත් වූයේ 1995 දී, නමුත් ඔහුගේ අනිවාර්ය හමුදා සේවය කිරීමට කාලය ගත කරනවා. හමුදා සේවය අවසන් කිරීමෙන් පසු ඔහු නැවත පාසලට පැමිණියේ ශිෂ්‍යයෙකු ලෙසය. ඔහුගේ පළමු ආදරය හැන් සෝල් ය. පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදුවන රාත්‍රියක, යොංග් (Yeo Jin-goo) ගේ කාමරය තුළ ඇති පෞරාණික Ham Redioව හරහා අනාගතයේ ආගන්තුක හඬක් දෝංකාර දෙන්න පටන් ගන්නවා.. "ඔයාට ඇහෙනවද?" අද්භූත ගුවන්විදුලිය වසර විස්සක පරතරයකින් ජීවත් වන විද්‍යාල සිසුන් දෙදෙනා සම්බන්ධ කරන්න ගන්නවා. 

Kim-muni සහ යොංග් අතර ගොඩනැගෙන සංවාදය තුළදී ham redioව භාවිත කරන ආකාරය පිළිබඳව පොතක් ඇති බව සඳහන් වෙනවා. Kim -muniට ආගන්තුක පුද්ගලයෙකු මුල්කර ගනිමින් සිදුකරන්න⁣ට නියමිත පැවරුමක් පිළිබඳව යොංග්⁣ට කී විට ඔහු ඒ සඳහා උදව් කරලීමට පොරොන්දු වනවාත් සමඟ ham redioව පිළිබඳව ඇති පොත අවැසි බව ද පවසනවා. 

මේ ආකාරය⁣ට ඉදිරියට දිවෙන කතාව තුළ එක් අවස්ථාවක ඔවුන් දෙදෙනා සිටින්නේ වසර 20ක පරතරයක් සහිත කාල වකවානුවක බව අවබෝධ කරගනු ලබනවා. දෙදෙනාගේම හදවතේ සිටින තමන් ආද⁣රේ කරන පුද්ගලයන් පිළිබඳව කතා කරන්න⁣ට ද යොමු වෙනවා. කතාව තුළ අප මොහොතකට නතර වන තැන නම් Hon-Sol තමන්ගේ මව යන්නෙන් යෝංගහට පැවසීමේ දී ය. මේ සියල්ලත් සමඟ ඒ සියලු කතා බහ අවසන් වීම සිදුවෙනවා. යොංග්ව මුණ ගැසීමට kim-muniහට අවැසි වුවද එය නිරර්ථක උත්සාහයක් වෙනවා. අවසානයේ ඇයට යොංග්ව කතුවරයෙකු වශයෙන් මුණගැසීමට හැකි වෙනවා. 

ඉතා අපූරුවට දිග හැරෙන මෙම කතාව අප නොසිතන කතා විකාශයක් රැගෙන එනවා. දකුණු කොරියානු සිනමා නිර්මාණ, ටෙලාකතා මාලා බොහෝමයක එවැනි ලක්ෂණ දැකිය හැකි වේ. ආදරය, පසුතැවීම, නිරුත්තර බව යනාදී හැඟීම් එක්කර ගනිමින් දිවෙන මෙම සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයා  ෆැන්ටසියක ජීවත් කරවීමට සමත් වෙනවා. 

එහෙනම් අනිවාර්යයෙන් කතාව බලන්න. මීට වඩා හදවතට දැනේවී. ❤️🤗



-නවෝද්‍යා වික්‍රමසිංහ- 

Thursday 25 May 2023

Hope part 02

හෝප් කතාවෙහි දෙවන කොටස

හෝප්ව ඇයගේ නිවස අසල සිටින ඇගේ පන්තියේම ⁣ඉගෙනුම ලබන මිතුරෙකු විසින් ඇයව පාසලෙන් රැගෙන ඒමට රැගෙන යාමට කටයුතු කරනු ලබනවා. ඔහු ඇයට පවසන්නේ නැවත අසනීප නොවන ලෙසටය. 


මේ අයුරින් හෝප්ගේ ⁣දවස් ගෙවීයාම සිදු වෙමින් පැවතුණි. ඇය සාමාන්‍ය අතට හැරෙමින් තම දෛනික කාර්යයන් සඳහා සිය අවදානය ලබා දෙමින් කටයුතු කරමින් සිටින සමයක නැවත වරක් පියා විසින් අපරාදකරු මුණ ගැසීමට සිය මිතුරෙකු සමඟ පිටත් වන්නට විය. එම අවස්ථාවේ දී හෝප්ගේ පියා විසින් ඔහු හ⁣ට අනුකම්පා කළ යුතුද නැති ද යන්න සිතමින් කතාබහේ යෙදෙන්නට විය. 


අපරාදකරු දිගිහින් දිගටම කියා සිටියේ තමන් එම අවස්ථාවේ බීමතින් සිටි නිසා අවසිහියෙන් සිටිබවටය. එමනිසා තමන්ට කිසිවක් මතකයට නඟා ගැනීමට නොහැකි බවත් එවැනිදෙයක් සිදුව  ඇත්නම් තමන් ඊට දඬුවම් විදිය යුතු බවට ඔහු හෝප්ගේ පියාට දන්නවා සිටින්නට විය. 


එහෙත් ⁣හෝප්ගේ පියාහට ආවේගයපාලනට කර ගත නොහැකිව ඔහු විමසා සිටියේ මෙවැනි දෙයක් කරන්නට තමන්ගේ හිත දුන්නේ කෙසේද? යන වගය.  එවිට අපරාධකරුවා විසින් කිසිත් නොදැනෙන තරමට "තාත්තා වගේම තමා දුවත් පාලනයකර ගන්න හරිම අමාරු වුණාමට".  මෙම ප්‍රශාකයත් සමඟ හෝප්ගේ පියාට දැඩි කෝපයක්, දුකක්, වේදනාවක් ඇතිවන්නට විය. කෙසේ හෝ මොහුට දඬුවම් ලබා දිය යුතු බවට සිතා ගන්නට විය.


අවසන් නඩුවාරය පැමිණීම සිදු වන්නට විය. එහිදී නැවතත් හෝප්ව එම සභාවට රැගෙන ඒම සිදුකළ අතර ඒ හරහා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් ද ක්‍රියාත්මකවන්නට විය. ඇය විසින් අපරාධකරුවා හඳුනා ගැනීමෙන් අනතුරුව නඩුකාරවරයා විසින් අසන ලද ප්‍රශ්න සඳහා ද පිළිතුරු දෙන්නට විය. එහෙත් අපරාධකරුවාගේ පැත්තෙන් සැම විටම ප්‍රකාශ වූයේ තමන්ට කිසිවක් මතක නැති බවය. 


කෙසේ හෝ සියලු දෙනාම බලාපොරොත්තු වෙන් සිටි එම තීරණාත්මක නඩු තීන්දුව නඩුකාරාවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු කියා සිටියේ වන්දි මුදලක් ගෙවීමට සිදුවන අතරම වසර 8ක් දක්වා සිරදඬුවමක් ලැබීමට තීන්දු කරන බවටය. අවුරුදු 8කින් ඔහු නිදහස් වී පැමිණෙන විට හෝප්ගේ වයස අවුරුදු 18ටත් අඩුය. 


හෝප්ගේ පියා විසින් සිදුනොවිය යුතු යැයි බලාපොරොත්තු වූ එම නඩුතීන්දුව ලැබීමත් සමඟ මුලු නඩුතීන්දු වාරයේ දීම එය අසා සිටී පිරිස් වෙතින් දැඩි චෝදනාවන් නඩුකාරවරයාට එල්ල වන්නට විය. හොප්ගේ පියාගේ යහළුවෙකු විසින් නඩුකාරාවරයා වෙතින් තදින් ප්‍රශ්නකරන්නට විය. 


කෙසේ වෙතත් සිදු වූ සිදුවීම සහ අපරාධකරුවා පෙර දී තමන් වෙත සඳහන් කරනු ලැබූ කරුණු සිහිවීමත් සමඟ හෝප්ගේ පියාට දරා ගත නොහැකි කම්පනයක් ඇති වීමෙන් අපරාධකරුට පහරදීමට සැරසෙන විටදී හෝප් තම පියාගේ කකුලෙහි එල්ලී එය වළක්වාලීම සිදුකරනු ලබයි. 


නඩුතීන්දුව එසේ සිදුවීමෙන් අනතුරුව හෝප් තම පාසල් ගමන ආරම්භ කරන්නට විය. ඇය පාසලට යන මාවතේ දී එම සිදුවීමට මුහුණ දුන් ස්ථානය දැකීමෙන් යම් ව්‍යාකූල තත්ත්වයකට පත් වන්නට වූවත් ඇය එම තත්ත්වයට මුහුණ දීමට ආරම්භ කරන්නට විය. 
අවසානයේ තමා පිටුපසින් පැමිණෙන තමන් ආසම කාටූනයේ වීරයා තම පියා බව ඇයට අවබෝධ වන්නට විය. හෝප් තම පියාව මඟ හැරීම නවතාලන්නට වූයේ ඔහු තරම් ඇය පිළිබඳව වදවන කෙනෙකු නොමැති බව ඇයට වැටහී ගිය නිසාවෙනි. 

මව විසින් ද සූරියකාන්ත සායනය වෙත හෝප්ව රැගෙන යාමට අමතක නොකරන ලදී. එම සායනයේ භාරකාර කාන්තාවගේ දියණියට ද මෙවැනි ම වූ සිදුවීමක් සිදුවන්නට වූ බවත් ඇය අවුරුදු 16දී සියදිවි නසා ගත් බවටත් එම නිසා මෙම සායනය තමන් විසින් ආරම්භ කරන්නට වූ බවට හෝප්ගේ මවට සඳහන් කරන්නට විය. 


සමස්ත සිනමා නිර්මාණය පිළිබඳව සාරංශයක් දැක්වුව හොත් , ලෝකයේ ඔබ කුමන හෝ තැනක ජීවත් වූවත් මිනිසා සතුව පවත්නා මානව ගුණාංගයන් වෙනස් ⁣වන්නේ නැත. හොඳ නරක යන දෙපාර්ශවයම එම මානවයා තුළ සියයට 50/50 පවතී. තවමත් පුංචි දරුවෙකුට පවා තනිවම හරියාකාරව මහමග තනිවම යාමට තරම් ආරක්ෂිත වටපිටාවක් ලෝකය තුළ නොපවතින බවට මෙම කතාව තුළින් නිරූපණය වේ. 


ලෝකට ක්‍රමයෙන් දියුණුවෙමින් පවතින බව සැබෑවකී. එහෙත් බාහිර සාධක හරහා ඇතිවන දියුණුව ලෝකයක පැවැත්මට බලානොපානු ලබයි. එයට හෝතුව නම් මෙම සමස්ත ලෝකයම රඳා පවතිනු ලබන්නේ මිනිසා විසින් සිදුකරනු ලබන ක්‍රියාකාරකම් හේතුවෙන් නිසාවෙනි. 


ජීවී පිරිස් කොතරම් මිහිපිට ජීවත් වුවද මිනිසාට තරම් බුද්ධිමට්ටමක් ඔවුනට නොමැත. එමනිසා බාහිර සාධකයන්ගේ දියුණුව හරහා ලෝකය තව දුරට සුඛිත වූ ස්ථානයක් වූවාට එහි වෙසෙන මිනිසා දැනුම, කුසලතා, ආකල්ප යන තෙවදෑරුම් සංකල්පයන්ගෙන් දියුණු වීම සිදු නොවුණහොත් ජීවත් වීම යන කාරණාව පවා අතිශයින් අපහසුකාරනාවකි. 


හෝප් අවුරුදු 8ක පුංචි දරුවෙක් වූවත් තමන්ට යම් අනතුරක් වූ විට කටයුතු කළ යුත්තේ කෙසේද යනවග ඇය දැනසිටින්නට විය. තමන් අනතුරකට ලක්ව ඇති බවට අවබෝධවීමත් ඒ සඳහා පොලිසීය ඇමතීම පළමු වශයෙන් සිදුකළ යුතු බවටත් එවැනි අවස්ථාවකදී පවා ඇයට සිතුනේ නම් ඇයට ලැබී තිබෙන පාසල් අධ්‍යාපනය හා පවුල වෙතින්, ඇය අවට වටාපිටාවෙන් ලැබී තිබෙන අවබෝධය දැනුම සැලකිය යුතු මට්ටමක ඇති බවට අපට මෙම සිනමා නිර්මාණය තුළින් අවසානයේ දී අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ. 


එ⁣සේම කරදරකාරී අවස්ථාවක දී අත්නොහැර තමන් වෙනුවෙන් යම් කැපකිරීමක් කිරීමට තරම් උණුසුම් හදවතක් ඇති පුද්ලයෙන් තවමත් සිටිනා බවට හෝප්ගේ මවගේ සහ පියාගේ යහළුවන්ගෙන් අපට දැක ගත හැකිය. 


දෙමාපියන්ගේ හැසීරීම් දරුවන්ට ඍජුවම බලපාන බව ⁣මෙහිදි සඳහන් කළ යුතුවේ. එයට හේතුව නම් හෝප් රෝහලේ සිට නිවසට පැමිනීමෙන් අනතුරුව ඇගේ මවගේ යහළුවාගේ පුතා සහ ඔහුගේ යහළුවන්  විසින් කිසි විටෙකත් හෝප්ව තනි නොකිරීමට කටයුතු කරන්න⁣ට විය.  



අවසානයේ තමන්ගේ පවුල තරම් තමන් හට පිහිටක් තවත් නැති බවට හෝප් අවබෝධ කර ගත් අතර තම පවුලට එකතු වූ නව සාමාජිකයා වූ මල්ලී තමන්ගේ නව ආරක්ෂකයා යනුවෙන් ඇය අවබෝධකර ගත් අතර ඔහුව වඩාත් හොඳින් බලාගැනීමට තමන් ද කැපවෙන බවට සිතා ගන්නට විය. 


ඔබ යම් වරදක සැබෑ වරදකරුවෙකු යැයි හැඟවෙන්නේ ඔබේ හෘදසාක්ෂියද ඊට නිසි තීන්දුව විටින් විට ලබා දීමට කටයුතු කරන විටදීය. නඩුකාරවරයාගේ එම තීන්දුව ඇස්බැන්දුමට ලක් වූ නීතියට අවනත වුවද ඔහුගේ හෘදසාක්ෂියට අවනත නොවන පවට එම අවස්ථාවේ දී අපට සිනමා නිර්මාණය නරඹන විට අවබෝධ වේ. 


මෙය හුදෙක් අසාමාන්‍ය කතා පුවතක් නොවේ. සමාජයේ තවමත් සිදුවන සිදුවීමක එක් නඩුතීන්දුවක් ලබා ගත් එක් කතා පුවතක් පමණී. නඩුතීන්දු නොමැති කිසිවෙකුත් නොදන්න තවත් බොහෝ මෙවැනි කතාපුවත් තිබිය හැකිය. විය යුත්තේ මානව ගුණාංගයන් වර්ධනය වීමය. නඩු⁣තීන්දු පොතෙහි හෘදසාක්ෂියට පිටු පෑමට විරුද්ධව ද නඩුගොනු කළ හැකි නීති සම්පාදනය කළ යුතුය.

-නවෝද්‍යා වික්‍රමසිංහ- 


Monday 15 May 2023

Hope


යුක්තිය සහ හෘදසාක්ෂිය අතර නඩු තීන්දුවක්.......





දකුණු කොරියානු සිනමාවෙන්  බිඳක් .

            කොරියානු සිනමාව සහ කොරියානු සංගීතයට මේ වන විට ලෝකය පුරා පවත්නා ආදරය සහ ලැදියාව වචනයකින් විස්තර කරලීමට මා අපොහොසත් වෙමි. කොරියානු ටෙලි නිර්මාණයන් ලංකාව තුළ අතිශය ජනාදරයට පාත්‍ර වූ බව කාටත් නොරහසකි. 

දකුණු කොරියානු සිනමා කර්මාන්තය පිළිබඳව පුංචි වචනයක් එක්කළ හොත්, 2020 මුල් භාගයේදී, දකුණු කොරියානු අධ්‍යක්ෂක  bong joon-ho ගේ 'Parasite' නමැති චිත්‍රපටය හොඳම චිත්‍රපටය සඳහා වන ඇකඩමි සම්මානය දිනාගත් පළමු ඉංග්‍රීසි නොවන චිත්‍රපටය බවට පත්වෙමින් ඉතිහාසගත වූ බව අප කවුරුත් දන්නා කරුණකි. 

මෙහි පවත්නා විශේෂත්වය වන්නේ 1955 න් පසු හොඳම චිත්‍රපටය⁣ ජයග්‍රාහකයා කෑන්ස් සිනමා උළෙලේ Cannes Film Festival Palme d'Or සම්මානය දිනාගත් පළමු අවස්ථාව එය වීමයි. මෙම චිත්‍රපටයෙහි සාර්ථකවයත් සමඟ දකුණු කොරියානු සිනමා කර්මාන්තය වෙත නැවත අවධානය ලැබෙන්නට විය. 

සංස්කෘතික වෙනස්කම් නොතකා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ට දකුණු කොරියානු චිත්‍රපට ද රසවිඳිය හැකි බවට ඒ හරහා ඒත්තු ගැන්වීමට ඔවුනට හැකි විය. 

Hope ගැන...

Hope සිනමා පටය පිළිබඳව සඳහන් කිරීමේ දී මෙම කතාව දිග හැරෙන්නේ අවුරුදු 08ක පුංචි ගැහැණු ළමයෙක් සහ ඇයගේ පවුල වටායි. 

එදා මහා වරුසාවක් හෝප් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහිනවත් එක්කම මූණ නරක් කර ගත්තා. හේතුව අම්මට එදා වැඩ වැඩි නිසා එයාව ඉස්කෝලෙට ඇරලවන්න එන්න විදිහක් තිබුණේ නැති නිසා. 

හෝප් තනියම ඉස්කෝලෙට ගියා. අම්මා හෝප්ට කිව්වා අතුරු පාරෙන් නොයා ප්‍රධාන පාරෙන් යන්න කියලා. ඒත් එදා හෝප්ගේ අම්මා හිතුවේ නෑ හෝප්ගේ ආරක්ෂාවට කිව්ව ඒ කතාව  හිතාගන්නවත් බැරි විදිහේ දරුණු අත්දැකීමකට හෝප්ට මුහුණ දෙන්න වේවි කියලා. 

හෝප් යන පාරේ ඇයගේ ඉදිරියට මුණගැහුනු ඒම නාදුනන  පුද්ගලයා වැස්සෙන් ආරක්ෂා වීමට ඇයගෙන් උපකාර විමසන ලදී. පුංචි හෝප් ඔහුට උපකාර කරන්න ගියත් ඇයට  මුහුණ දීමට සිදු වුණේ විශාල ඛේදවාචකයකට ය.


"අපි කතා කරන්නේ පොලීසියෙන් ඔයාගේ දුවට කරදරයක් වෙලා. එයා දැන් රෝහලේ ඉන්නේ පුළුවන් ඉක්මනට රෝහලට එන්න".

හෝප්ගේ තාත්තට ලැබුණු එම දුරකථන ඇමතුමත් සමඟ ඉක්මනින් ක්‍රියාත්මක වුණු ඔහුට දැන ගන්න ලැබෙනවා තමන්⁣ගේ පුංචි දියණියව දරුණු ආකාරයට දූෂණය කර ඇති බව. විශාල කම්පනයක් සමඟම ඔහුට සිදුවෙනවා තම බිරිඳව පාලනය කර ගන්න. 

එයත් සමඟ ශරීරයේ අභ්‍යන්තරයේ කොටස් වලට දරුණු හානි ඇති වී ඇති බවට වෛද්‍යවරයා විසින් පැවසූ අතර පුංචි හෝප්ට ශරීරයෙන් පිටතට ⁣වන්නට ගුද මාර්ගයක් සවි කිරීමට සිදුවන බවට ද සඳහන් කරන්නට විය. 

සැකකරු කවුරුන්ද යන වග සොයා ගැනීම⁣ට පොලීසිය සමත්ව සිටියත් නිසැකවම ඒ ඔහුද යන්න තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි නොලැබී තිබුණි. මේ අතර වාරයේ හෝප් ක්‍රමයෙන් පියවී සිහියට  පැමිණෙමින් සිටින්නට විය. 

දෑස් විවෘත කිරීමෙන් අනතුරුව ඇය මුලින්ම දුටුවේ තම පියාවය. කෙසේ වෙතත් ඇති වූ සිදු වීමේ කම්පනයත් සමඟ ඇයගේ කතාබහ අවම වී තිබුණත් පියා විසින් විමසන විවිධ දෑ සඳහා ඇය පිළිතුරු දෙන්නට විය. 

ඇය විසින් නරක මනුස්සාට දඬුවම් කළ යුතුය යන්න පැවසීමේ දී පියා එය මඟ හැර සිටියත් තවත් වරක් ඇය එම ප්‍රකාශය සිදු කරන්නට වු අවස්ථාවවේ දී ඔහුට දැඩි ආවේගයක් ඇති වන්නට විය. පොලිසිය වෙත ගොස් සැකකරුවා නිවැරදිව හදුනා ගැනීමට කළ හැක්කේ කුමක්ද යන්න විමසූ විට ඔවුන් කියා සිටියේ සිද්දියට මුහුණ දුන් පුද්ගලයාගේ කට උත්තරය සහ එම අපරාධ කරු හඳුනා ගැනීමෙන් එය තහවුරු කර ගත හැකි බවයි. 

කෙසේ වෙතත් පොලිසිය හට ඇයගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට ඉඩ ලබා දීමට පියා විසින් සැරසෙන විට පොලිස් නිලධාරිනියක් විසින් හෝප්ව සායනයකට ඉදිරිපත් කරලීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නට විය.  ඇය එහිදී සඳහන් කරන ලද්දේ සූරියකාන්ත සායනයට ඇයව යොමු කරන ලෙසය. 

ඔහු විසින් එම සායනය වෙතින් උපකාර ලබා ගැනීමට සැරසෙන්නට විය. කෙසේ වෙතත් හෝප්ගේ මව විසින් ඊට දැඩි විරෝධයක් එල්ල කරන්නට විය. නමුත් අවසානයේ ඇය විසින්ම එම සායනය වෙතට අමතා එයින් හෝප් වෙතට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන්නට විය. 

මේ සියල්ල අතරතුර හෝප්ගේ මවට දරුවෙකු ලැබීමට සිටි බවද දැන ගන්නට හැකි විය. ඇය එය තම සැමියාගෙන් සගවා ගෙන මාස තුනක කාලයක් පසු වූයේ එයින් ඔහු තව දුරටත් කරදරයට පත් වේ යැයි සිතූ නිසා බව ඇය විසින් ඔහුට පවසන්නට විය. ⁣සියල්ල එකපෙළට සිදුවෙමින් පැවති මොහොතක හෝප්ගේ දෙමාපියන්හට ඇයට සිදු වූ මෙම අපරාධය පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ව්‍යාප්ත වී යාම වළක්වාලීමට ද අවැසි විය. 

කෙසේ වූවත් මෙම සිදු වීම සිදු වී හෝරා කිහිපයක් ගත වීමෙන් අනතුරුව මාධ්‍ය හරහා මෙම පුවත ප්‍රචාරය වන්නට විය. එය සිදුවීමත් සමඟ කලබලයට පත් වූ හෝප්ගේ දෙමාපියන් විසින් ඇයව ඉක්මනින් රෝහලේ වෙනත් ස්ථානයක් වෙත ඇයව රැගෙන යන්නට කටයුතු කරන්නට විය. පියා විසින් හෝප්ව රැගෙන ඉහළ මහලයක් වෙත ගමන් කර ප්‍රතිකාර කරනු ලබන වෙනත් වාට්ටවකට ඇයව රැගෙන යන්නට විය. 

එම අවස්ථා⁣වේ ඇති වූ කලබලය හේතුවෙන් හෝප්ව ඇදෙහි තබනවාත් සමඟව ඇයගේ ශරීරයට පිටතින් සවිකර ඇති ශරීරයෙන් පිටවන මළද්‍රව්‍ය පිරී බෑගය පිපිරී ඇද පුරා විසිරෙන්න⁣ට විය. එය ඉවත් කිරීමට හෝප්ගේ පියා සැ⁣රසෙන විට ඇයට ඇති වූ ලැජ්ජාව හේතුවෙන් ඊට ඉඩ නොදෙන්නට විය. 

පියාගේ බලවත් ඉල්ලීම ඇයට සිහිය අහිමි වීමට තරම් බලපෑමක් වන්නට විය. මෙම සිදුවීම අවසානයේ හෝප් විසින් තම පියාව මඟ හැරීමට පුරුදු ⁣වන්නට විය. එය ඇයගේ පියාට විශාල සිත් තැවුලක් ඇති කරන්නට විය. 

අවුරුදු 08 පුංචි දරුවෙකුහට මෙවැනි තත්ත්වයක් හමුවේ නැවත මානසිකන ස්ථාවරවීම⁣ට ගතවන කාලය කෙතරම්ද යන්න සඳහන් කිරීස කළ නොහැකි කැරණකි. නමුත් සූරියකාන්ත සායනය හරහා එය භාරව සිටී කාන්තාව විසින් හෝප්හට තම මානසික සුවතාව පවත්වා ගෙන යාමට දැඩි ලෙසින් උපකාර කරන්නට විය. 


හෝප්ට තිබූ එකම ආසාව වුයේ නැවත පාසල් යාමටය. නමුත් ඇයගේ මවගේ මව රෝගාතුරව සිටි සමයක ඇයට අසන්නය ලැබුණු එක් වචන පෙළක් ඇගේ පුංචි සිතට තදින් කා වැදී තිබෙන්නට විය. 


ඇයගේ මිත්තණිය නිතරම "ඉපදුනාට වඩා හොඳයි මැරිලා ගියා නම් " යන්නෙන් පවසන ප්‍රකාශය ඇයට මෙම අවස්ථාවේ දී තදින් දැනෙන්නට විය. එසේම තමන් පාසල් යන්න⁣ට කෙතරම් ප්‍රිය කළත් පාසලේ සිටින යහළුවන් තමන්ට විහිළුකර ලැජ්ජ කරාවී යන හැඟීම ද ඇය තුළ කැළතෙන්නට විය. 


මේ සියලූම මානසික අස්ථාවරබවේ සිතුව්ලි ක්‍රමයෙන් පහව හැරීමට සූරියකාන්ත සායනයේ කාන්තාවට අවැසි විය. ඇය ⁣හැකිතාක් හෝප් සමඟ කල්ගෙවීමට කටයුතු කරන්නට වූ අතර ඇයගේ මව ඇතුළු යහළුවන් පිරිස එක්කව හෝප්ගේ ආසම කාටූනයට දිනක් රඟ දක්වන්නට විය. 


මේ සියලූම සිදුවීම සිදුවන අතරතුර ඇය තම පියාව මඟ හැර සිටීම නවතා නොතිබීම හෝප්ගේ පියාට දැඩි ලෙස දැනෙන්නට විය. තම දියණිය තමන් සමඟ වචනයක් හෝ කතා නොකිරිම සහ තමන්ගේ මුහුණ දෙස නොබැලීම ඔහුට මහත් සිත් වේදනාවක් ගෙන දෙන්නට විය. නමුත් තම දියණියව තනි කරලීමට ඇයගෙන් ඈත් වීමට ඔහු රුචි නොවූ නිසාවෙන් අවසානයේ හෝප්ගේ ආසම කාටූන් චරිතය ලෙසින් වෙස්වලා ගන්නට තීරණය කරන්නට විය. 


පොලීසිය විසින් හෝප් හරහා ගනු ලැබූ කටඋත්තරය හා ඇය විසින් අපරාදකරුවා හඳුනා ගැනීමත් සමඟ ආදාළ පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා විසින් තමන් හට එම අවස්ථාවේදී සිදු වූයේ කුමක්ද යන්න හරියාකාරව මතකයේ නැති බවත් එම අවස්ථාවේ තමන් මත්පැන් පානය කර මත්ව සිටි නිසාවෙන් කිසිවක් මතක නැති බවට දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය. 


නඩුවාරයන් එලෙස යන අතරතුර හෝප්⁣ට සුව විමත් සමඟ ඇයව නැවත නිවසට රැගෙන යාමට කටයුතු කරන්නට විය. එම අවස්ථාවේදී තම නිවසෙහි දොරමත අලවා ඇති පාසලේ යහළුන් විසින් අලවන ලද සුබපැතුම් පත්, ගෙදර වැඩ සටහන්, චිත්‍ර ආදිය දැකීමෙන් ඇය සතුටට පත් වන්නට විය. 


එසේම ඇගේ පියා විසින් ඇය හට ඇගේ කෘතිම ගුද මාර්ගය ආවරණයවන පරිදි ටොපි සහිත බෑගයක් සාදා දෙන්නට වූයේ එයින් නැගෙන හඬ සහ ඇයට ඉන් දැනෙන අපහසුතාවය මඟ හැරවීම උදෙසාය. 


තම දියණිය විසින් තමන් මඟ හැරීම හේතුවෙන් සිත් තැවුලට පත් වූ පියා විසින් සෑම දිනම උදෑසන පාසල් යන විටත් හවස නැවත නිවසට පැමිණෙන විටත් ඔහු ඇයගේ කැමතිම කාටූන් චරිතය ලෙසින් ඇද පැළද ගනිමින් ඇය පසුපසින් ඇයගේ දැනුවත්බාවය මතම ගමනේ යෙදෙන්නට විය. 




කතාවේ ඉතිරිය දෙයන කො⁣ටසින් බලාපොරොත්තු වන්න. 

-නවෝද්‍යා වික්‍රමසිංහ-


Ditto

අවුරුදු 20ක පරතරයක් , කාලය හරහා ගමනක්.... 💬 Ditto 2022 (ඩිට්ටෝ)  *️⃣ Drama/ Fantasy/Romance  Ditto යනු 2022 වසරේ නිකුත් වූ දකුණු කොරියානු ච...