Monday 15 May 2023

Hope


යුක්තිය සහ හෘදසාක්ෂිය අතර නඩු තීන්දුවක්.......





දකුණු කොරියානු සිනමාවෙන්  බිඳක් .

            කොරියානු සිනමාව සහ කොරියානු සංගීතයට මේ වන විට ලෝකය පුරා පවත්නා ආදරය සහ ලැදියාව වචනයකින් විස්තර කරලීමට මා අපොහොසත් වෙමි. කොරියානු ටෙලි නිර්මාණයන් ලංකාව තුළ අතිශය ජනාදරයට පාත්‍ර වූ බව කාටත් නොරහසකි. 

දකුණු කොරියානු සිනමා කර්මාන්තය පිළිබඳව පුංචි වචනයක් එක්කළ හොත්, 2020 මුල් භාගයේදී, දකුණු කොරියානු අධ්‍යක්ෂක  bong joon-ho ගේ 'Parasite' නමැති චිත්‍රපටය හොඳම චිත්‍රපටය සඳහා වන ඇකඩමි සම්මානය දිනාගත් පළමු ඉංග්‍රීසි නොවන චිත්‍රපටය බවට පත්වෙමින් ඉතිහාසගත වූ බව අප කවුරුත් දන්නා කරුණකි. 

මෙහි පවත්නා විශේෂත්වය වන්නේ 1955 න් පසු හොඳම චිත්‍රපටය⁣ ජයග්‍රාහකයා කෑන්ස් සිනමා උළෙලේ Cannes Film Festival Palme d'Or සම්මානය දිනාගත් පළමු අවස්ථාව එය වීමයි. මෙම චිත්‍රපටයෙහි සාර්ථකවයත් සමඟ දකුණු කොරියානු සිනමා කර්මාන්තය වෙත නැවත අවධානය ලැබෙන්නට විය. 

සංස්කෘතික වෙනස්කම් නොතකා ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින්ට දකුණු කොරියානු චිත්‍රපට ද රසවිඳිය හැකි බවට ඒ හරහා ඒත්තු ගැන්වීමට ඔවුනට හැකි විය. 

Hope ගැන...

Hope සිනමා පටය පිළිබඳව සඳහන් කිරීමේ දී මෙම කතාව දිග හැරෙන්නේ අවුරුදු 08ක පුංචි ගැහැණු ළමයෙක් සහ ඇයගේ පවුල වටායි. 

එදා මහා වරුසාවක් හෝප් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ගෙදරින් එළියට බහිනවත් එක්කම මූණ නරක් කර ගත්තා. හේතුව අම්මට එදා වැඩ වැඩි නිසා එයාව ඉස්කෝලෙට ඇරලවන්න එන්න විදිහක් තිබුණේ නැති නිසා. 

හෝප් තනියම ඉස්කෝලෙට ගියා. අම්මා හෝප්ට කිව්වා අතුරු පාරෙන් නොයා ප්‍රධාන පාරෙන් යන්න කියලා. ඒත් එදා හෝප්ගේ අම්මා හිතුවේ නෑ හෝප්ගේ ආරක්ෂාවට කිව්ව ඒ කතාව  හිතාගන්නවත් බැරි විදිහේ දරුණු අත්දැකීමකට හෝප්ට මුහුණ දෙන්න වේවි කියලා. 

හෝප් යන පාරේ ඇයගේ ඉදිරියට මුණගැහුනු ඒම නාදුනන  පුද්ගලයා වැස්සෙන් ආරක්ෂා වීමට ඇයගෙන් උපකාර විමසන ලදී. පුංචි හෝප් ඔහුට උපකාර කරන්න ගියත් ඇයට  මුහුණ දීමට සිදු වුණේ විශාල ඛේදවාචකයකට ය.


"අපි කතා කරන්නේ පොලීසියෙන් ඔයාගේ දුවට කරදරයක් වෙලා. එයා දැන් රෝහලේ ඉන්නේ පුළුවන් ඉක්මනට රෝහලට එන්න".

හෝප්ගේ තාත්තට ලැබුණු එම දුරකථන ඇමතුමත් සමඟ ඉක්මනින් ක්‍රියාත්මක වුණු ඔහුට දැන ගන්න ලැබෙනවා තමන්⁣ගේ පුංචි දියණියව දරුණු ආකාරයට දූෂණය කර ඇති බව. විශාල කම්පනයක් සමඟම ඔහුට සිදුවෙනවා තම බිරිඳව පාලනය කර ගන්න. 

එයත් සමඟ ශරීරයේ අභ්‍යන්තරයේ කොටස් වලට දරුණු හානි ඇති වී ඇති බවට වෛද්‍යවරයා විසින් පැවසූ අතර පුංචි හෝප්ට ශරීරයෙන් පිටතට ⁣වන්නට ගුද මාර්ගයක් සවි කිරීමට සිදුවන බවට ද සඳහන් කරන්නට විය. 

සැකකරු කවුරුන්ද යන වග සොයා ගැනීම⁣ට පොලීසිය සමත්ව සිටියත් නිසැකවම ඒ ඔහුද යන්න තහවුරු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි නොලැබී තිබුණි. මේ අතර වාරයේ හෝප් ක්‍රමයෙන් පියවී සිහියට  පැමිණෙමින් සිටින්නට විය. 

දෑස් විවෘත කිරීමෙන් අනතුරුව ඇය මුලින්ම දුටුවේ තම පියාවය. කෙසේ වෙතත් ඇති වූ සිදු වීමේ කම්පනයත් සමඟ ඇයගේ කතාබහ අවම වී තිබුණත් පියා විසින් විමසන විවිධ දෑ සඳහා ඇය පිළිතුරු දෙන්නට විය. 

ඇය විසින් නරක මනුස්සාට දඬුවම් කළ යුතුය යන්න පැවසීමේ දී පියා එය මඟ හැර සිටියත් තවත් වරක් ඇය එම ප්‍රකාශය සිදු කරන්නට වු අවස්ථාවවේ දී ඔහුට දැඩි ආවේගයක් ඇති වන්නට විය. පොලිසිය වෙත ගොස් සැකකරුවා නිවැරදිව හදුනා ගැනීමට කළ හැක්කේ කුමක්ද යන්න විමසූ විට ඔවුන් කියා සිටියේ සිද්දියට මුහුණ දුන් පුද්ගලයාගේ කට උත්තරය සහ එම අපරාධ කරු හඳුනා ගැනීමෙන් එය තහවුරු කර ගත හැකි බවයි. 

කෙසේ වෙතත් පොලිසිය හට ඇයගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට ඉඩ ලබා දීමට පියා විසින් සැරසෙන විට පොලිස් නිලධාරිනියක් විසින් හෝප්ව සායනයකට ඉදිරිපත් කරලීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නට විය.  ඇය එහිදී සඳහන් කරන ලද්දේ සූරියකාන්ත සායනයට ඇයව යොමු කරන ලෙසය. 

ඔහු විසින් එම සායනය වෙතින් උපකාර ලබා ගැනීමට සැරසෙන්නට විය. කෙසේ වෙතත් හෝප්ගේ මව විසින් ඊට දැඩි විරෝධයක් එල්ල කරන්නට විය. නමුත් අවසානයේ ඇය විසින්ම එම සායනය වෙතට අමතා එයින් හෝප් වෙතට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන්නට විය. 

මේ සියල්ල අතරතුර හෝප්ගේ මවට දරුවෙකු ලැබීමට සිටි බවද දැන ගන්නට හැකි විය. ඇය එය තම සැමියාගෙන් සගවා ගෙන මාස තුනක කාලයක් පසු වූයේ එයින් ඔහු තව දුරටත් කරදරයට පත් වේ යැයි සිතූ නිසා බව ඇය විසින් ඔහුට පවසන්නට විය. ⁣සියල්ල එකපෙළට සිදුවෙමින් පැවති මොහොතක හෝප්ගේ දෙමාපියන්හට ඇයට සිදු වූ මෙම අපරාධය පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ව්‍යාප්ත වී යාම වළක්වාලීමට ද අවැසි විය. 

කෙසේ වූවත් මෙම සිදු වීම සිදු වී හෝරා කිහිපයක් ගත වීමෙන් අනතුරුව මාධ්‍ය හරහා මෙම පුවත ප්‍රචාරය වන්නට විය. එය සිදුවීමත් සමඟ කලබලයට පත් වූ හෝප්ගේ දෙමාපියන් විසින් ඇයව ඉක්මනින් රෝහලේ වෙනත් ස්ථානයක් වෙත ඇයව රැගෙන යන්නට කටයුතු කරන්නට විය. පියා විසින් හෝප්ව රැගෙන ඉහළ මහලයක් වෙත ගමන් කර ප්‍රතිකාර කරනු ලබන වෙනත් වාට්ටවකට ඇයව රැගෙන යන්නට විය. 

එම අවස්ථා⁣වේ ඇති වූ කලබලය හේතුවෙන් හෝප්ව ඇදෙහි තබනවාත් සමඟව ඇයගේ ශරීරයට පිටතින් සවිකර ඇති ශරීරයෙන් පිටවන මළද්‍රව්‍ය පිරී බෑගය පිපිරී ඇද පුරා විසිරෙන්න⁣ට විය. එය ඉවත් කිරීමට හෝප්ගේ පියා සැ⁣රසෙන විට ඇයට ඇති වූ ලැජ්ජාව හේතුවෙන් ඊට ඉඩ නොදෙන්නට විය. 

පියාගේ බලවත් ඉල්ලීම ඇයට සිහිය අහිමි වීමට තරම් බලපෑමක් වන්නට විය. මෙම සිදුවීම අවසානයේ හෝප් විසින් තම පියාව මඟ හැරීමට පුරුදු ⁣වන්නට විය. එය ඇයගේ පියාට විශාල සිත් තැවුලක් ඇති කරන්නට විය. 

අවුරුදු 08 පුංචි දරුවෙකුහට මෙවැනි තත්ත්වයක් හමුවේ නැවත මානසිකන ස්ථාවරවීම⁣ට ගතවන කාලය කෙතරම්ද යන්න සඳහන් කිරීස කළ නොහැකි කැරණකි. නමුත් සූරියකාන්ත සායනය හරහා එය භාරව සිටී කාන්තාව විසින් හෝප්හට තම මානසික සුවතාව පවත්වා ගෙන යාමට දැඩි ලෙසින් උපකාර කරන්නට විය. 


හෝප්ට තිබූ එකම ආසාව වුයේ නැවත පාසල් යාමටය. නමුත් ඇයගේ මවගේ මව රෝගාතුරව සිටි සමයක ඇයට අසන්නය ලැබුණු එක් වචන පෙළක් ඇගේ පුංචි සිතට තදින් කා වැදී තිබෙන්නට විය. 


ඇයගේ මිත්තණිය නිතරම "ඉපදුනාට වඩා හොඳයි මැරිලා ගියා නම් " යන්නෙන් පවසන ප්‍රකාශය ඇයට මෙම අවස්ථාවේ දී තදින් දැනෙන්නට විය. එසේම තමන් පාසල් යන්න⁣ට කෙතරම් ප්‍රිය කළත් පාසලේ සිටින යහළුවන් තමන්ට විහිළුකර ලැජ්ජ කරාවී යන හැඟීම ද ඇය තුළ කැළතෙන්නට විය. 


මේ සියලූම මානසික අස්ථාවරබවේ සිතුව්ලි ක්‍රමයෙන් පහව හැරීමට සූරියකාන්ත සායනයේ කාන්තාවට අවැසි විය. ඇය ⁣හැකිතාක් හෝප් සමඟ කල්ගෙවීමට කටයුතු කරන්නට වූ අතර ඇයගේ මව ඇතුළු යහළුවන් පිරිස එක්කව හෝප්ගේ ආසම කාටූනයට දිනක් රඟ දක්වන්නට විය. 


මේ සියලූම සිදුවීම සිදුවන අතරතුර ඇය තම පියාව මඟ හැර සිටීම නවතා නොතිබීම හෝප්ගේ පියාට දැඩි ලෙස දැනෙන්නට විය. තම දියණිය තමන් සමඟ වචනයක් හෝ කතා නොකිරිම සහ තමන්ගේ මුහුණ දෙස නොබැලීම ඔහුට මහත් සිත් වේදනාවක් ගෙන දෙන්නට විය. නමුත් තම දියණියව තනි කරලීමට ඇයගෙන් ඈත් වීමට ඔහු රුචි නොවූ නිසාවෙන් අවසානයේ හෝප්ගේ ආසම කාටූන් චරිතය ලෙසින් වෙස්වලා ගන්නට තීරණය කරන්නට විය. 


පොලීසිය විසින් හෝප් හරහා ගනු ලැබූ කටඋත්තරය හා ඇය විසින් අපරාදකරුවා හඳුනා ගැනීමත් සමඟ ආදාළ පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම පුද්ගලයා විසින් තමන් හට එම අවස්ථාවේදී සිදු වූයේ කුමක්ද යන්න හරියාකාරව මතකයේ නැති බවත් එම අවස්ථාවේ තමන් මත්පැන් පානය කර මත්ව සිටි නිසාවෙන් කිසිවක් මතක නැති බවට දිගින් දිගටම ප්‍රකාශ කරන්නට විය. 


නඩුවාරයන් එලෙස යන අතරතුර හෝප්⁣ට සුව විමත් සමඟ ඇයව නැවත නිවසට රැගෙන යාමට කටයුතු කරන්නට විය. එම අවස්ථාවේදී තම නිවසෙහි දොරමත අලවා ඇති පාසලේ යහළුන් විසින් අලවන ලද සුබපැතුම් පත්, ගෙදර වැඩ සටහන්, චිත්‍ර ආදිය දැකීමෙන් ඇය සතුටට පත් වන්නට විය. 


එසේම ඇගේ පියා විසින් ඇය හට ඇගේ කෘතිම ගුද මාර්ගය ආවරණයවන පරිදි ටොපි සහිත බෑගයක් සාදා දෙන්නට වූයේ එයින් නැගෙන හඬ සහ ඇයට ඉන් දැනෙන අපහසුතාවය මඟ හැරවීම උදෙසාය. 


තම දියණිය විසින් තමන් මඟ හැරීම හේතුවෙන් සිත් තැවුලට පත් වූ පියා විසින් සෑම දිනම උදෑසන පාසල් යන විටත් හවස නැවත නිවසට පැමිණෙන විටත් ඔහු ඇයගේ කැමතිම කාටූන් චරිතය ලෙසින් ඇද පැළද ගනිමින් ඇය පසුපසින් ඇයගේ දැනුවත්බාවය මතම ගමනේ යෙදෙන්නට විය. 




කතාවේ ඉතිරිය දෙයන කො⁣ටසින් බලාපොරොත්තු වන්න. 

-නවෝද්‍යා වික්‍රමසිංහ-


Ditto

අවුරුදු 20ක පරතරයක් , කාලය හරහා ගමනක්.... 💬 Ditto 2022 (ඩිට්ටෝ)  *️⃣ Drama/ Fantasy/Romance  Ditto යනු 2022 වසරේ නිකුත් වූ දකුණු කොරියානු ච...