Thursday 25 May 2023

cannes film festival

ප්‍රංශයේ දැවැන්ත සිනමා උළෙලක් ගැන දැන ගමුද? 


සිනමා කර්මාන්තය කියන්නේ බොහෝ සෙයින් සංකීර්ණ එහෙත් සරලව ⁣සහෘදයා වෙතට කලාව රැගෙන යාමට පුරෝගාමී වූ කර්මාන්තයක්.

මෙම කර්මාන්තය තුළ නියැලෙන්නන් ඇගයීමට ද කිසිවිටෙකත් අමතක නොකළ යුත්තේ කලාකරුවාගේ දායකත්වය සමාජයක විවිධ ශානරයන් විශාල තිරයකට පතිත කරවීමටත් සාමාන්‍ය මිනිසෙකු සහෘදයෙකු කරවීමටත් අත්උදව් සපයන නිසාවෙනි. 

ඇගයීම ඕනෑම ක්ෂේත්‍රයකට ඉතාමත් අවැසි වන කරුණක් වන්⁣නේ එය කෙනෙකුගේ මානසික සුවතාවය ඇති කරලීමට හේතුවන අතරම ස්වං ජීවිතය තුළ තමන් පිළිබඳව ආත්මඅභිමානයක් ගොඩනඟා ගැනීමට හැකිවන නිසාවෙනි. 

ආරම්භය ...

ඒ අනුව ගත්කළ සිනමාවට ඇගයීමක් ඒක කරලීමට සිනමා උළෙලක අසිරිය ලෝකයට මෙ⁣ලෙසින් හඳුන්වා දෙන්නට විය.  ලෝක සිනමාවේ ප්‍රධාන කථාංගයක ආරම්භය සනිටුහන් කරමින් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලෙහි උපත දෙවන ලෝක සංග්‍රාමයේ අවසන් වාතාවරණය හමුවේ ඇති විය. 

මෙලෙසින් ලොව පුරා පවත්නා සිනමා නිර්මාණයන් ඇගයීම උදෙසා මෙවැනි උළෙලක් ආරම්භ කරලීමට මූලිකම හේතුව වූයේ,

හිට්ලර් සහ මුසෝලිනිගේ පීඩනය යටතේ, මොස්ට්‍රා හි ජූරි සභිකයන් නාසි ප්‍රචාරක වාර්තා චිත්‍රපටයකට පක්ෂව නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර සම්මානලාභීන් වෙනස් කරලීමට කටයුතු කිරීමයි.

එම සිදුවීම හමුවේ කම්පනයට පත් වූ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ඉතිහාසඥයෙකු වන ෆිලිප් එර්ලන්ගර්, කිසිදු පීඩනයකින් සහ බාධාවකින් තොරව නිදහස් උත්සවයක් සංවිධානය කිරීම ගැන ඒ වන විටත් සිතන්නට පටන් ගෙන තිබුණි. 

 ඔහු එවකට ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජීන් සේගේ අනුමැතිය ලබා ගත් විට මෙම අදහස නිල බවට පත්වන්නට විය.

ඒ අනුව ජාත්‍යන්තර චිත්‍රපට උළෙල 1939 සැප්තැම්බර් 1 වැනි දින වැනිස් චිත්‍රපට උළෙලට සමගාමීව කෑන්ස්හී නාගරික කැසිනෝ ශාලාවේ ශ්‍රවණාගාරයක පැවැත්වීමට නියමිතව තිබූවත්  සැප්තැම්බර් 1 වන දින ජර්මානු හමුදා පෝලන්තය ආක්‍රමණය කරන්න⁣ට විය. 

එම නිසා උත්සවය දින 10කට කල් දැමුවත් තත්ත්වය තව දුරටත් දරුණු අතට හැරීම හේතුවෙන් පෙර කී පරිදි එය දෙවන ලෝක සංග්‍රාමයේ අවසන් කාලසීමාව තුළදී පැවැත්වීමට කටයුතු කරන්නට විය. 

පෙර සිදු වූ කණගාටුදායක හේතුව නිසාවෙන් නැවත මෙම උළෙල පැවැත්වීමට කෑන්ස් නගර සභාවට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන නොවීය. අවසානයේ ජනතාව⁣ විසින් එක් රැස් කරනු ලැබූ අරමුදල් මුල් කර ගනිමින් මෙම උත්සවය පැවැත්වීමට කටයුතු කරන්නට විය. 


මෙලෙසින් ආරම්භය සනිටුහන් කළ කෑන්ස් උළෙල හේතුවෙන් 1970 දී චිත්‍රපට නරඹන්නන් 4,000 සිට 1990 දී 72,000 දක්වා ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි වන්නට විය. මෙම සිදුවීම නගරය පුරා කතා බහට ලක්වීමට ⁣විශාල හේතුවක් විය. 

80 දශකය වන විට චිත්‍රපට නිෂ්පාදකයින්ගේ බොහෝ ඉල්ලීම් සඳහා වේදිකාවක් බවට පත්වීමට මෙම  උළෙලේහි කීර්තිය සමත් විය.

තවද ඉදිරිපත් කරන ලද චිත්‍රපට තේරීමේදී රජයේ බලපෑම්වලට කිසිවිටෙකත් ඉඩ නොදෙන  සහ සමාජ දැනුවත්භාවයකින් හෙබි තරුණ අධ්‍යක්ෂවරුන් බිහි වූ දශකයක් ලෙසින් ද මෙය හදුන්වා දිය හැකිය. 

මේ සියල්ලත් සමඟ වෙන කවරදාකටත් වඩා, 21 වන සියවස ආරම්භයේ කෑන්ස්  යනු ලොව ප්‍රමුඛතම සිනමා උළෙල විය. බර්ලින් හෝ වැනීසියේ උත්සව වැනි අනෙකුත් ජාත්‍යන්තර සිනමා සිදුවීම් අතර එය කැපී පෙනීමට සමත් විය. 

කෑන්ස් ජනප්‍රිය වුණේ කොහොමද?

උළෙ⁣ලෙහි පළමු කාලසීමා කිහිපය තුළ  චිත්‍රපටවලින් ඔබ්බට විනෝදාස්වාද ඇතුළු විකල්ප රාශියක් ඇතුළත් විය. 

පෙළපාළි, වෙරළ තීරයේ ගිනිකෙළි සහ පරෙවියන් වාතයට මුදා හැරීම් ආදිය එහි විය. 

වර්තමානයේ ත්‍යාගවලට අමතරව, උත්සවය අතරතුර චිත්‍රපට ප්‍රදර්ශන, ප්‍රසංග සහ රතු පලස වැනි වෙනත් සමාජ සිදුවීම් පවතී. මෙම රතුපලස මත ගමන් කරලීමට බොහෝ ඉල්ලුමක් පවතී එයට හේතුව නම්, ෆෙස්ටිවල් ඩි කෑන්ස් යනු ලොව විශාලතම මාධ්‍ය සිදුවීම් වලින් එකක් වන නිසාවෙනි.

මාධ්‍යවේදීන් 4000 කට අධික සංඛ්‍යාවක් සහ රටවල් 90 ක පමණ මාධ්‍ය ආයතන 2000 කට අධික සංඛ්‍යාවකින් මෙම උළෙලෙහි ආවරණය සිදුවේ. 

එම නිසාම ඉතා අධික ඉල්ලුමක් මෙන්නම වටිනාකමකින් යුතු මෙම පලස මත ලෝකයේ නන්දෙසින් පිළිගැනුමට ලක් වූ සිනමා කර්මාන්තයේ දැවැන්තයින්, විලාසිතා  ලෝකයේ ප්‍රවීණයින් යනාදී විශාල පිරිසක් සහභාගී වන අතරම මෙම උළෙල සඳහා ආරාධනාපත් නිකුත් නොකිරීමද විශේෂත්වයකි. 

එහෙම නම් ප්‍රංශයේ කෑන්ස් උළෙල සඳහා සහභාගී වීමට ඔන්න ඔයාටත් හැකියාව තියනවා. කරන්න තියෙන්නේ Cannes festival  එකට ඕන කරන ටිකට් එකක් මිලදී ගන්න එක විතරයි. හැබෙයි ඉතිං ටි⁣කට් එකක මිල ඩොලර් 6,100-25,000 අතර තමයි තියෙන්නේ. 

ලංකාවේ මුදලින් එහෙනම් මේක හදලා බලන්නකෝ. 😉

-නවෝද්‍යා වික්‍රමසිංහ- 


Ditto

අවුරුදු 20ක පරතරයක් , කාලය හරහා ගමනක්.... 💬 Ditto 2022 (ඩිට්ටෝ)  *️⃣ Drama/ Fantasy/Romance  Ditto යනු 2022 වසරේ නිකුත් වූ දකුණු කොරියානු ච...