Showing posts with label Malayalam. Show all posts
Showing posts with label Malayalam. Show all posts

Thursday 25 May 2023

4 Years

වසර 04ක්,මතක ගොඩක් නැවත එක්වීමක්.



මට ඔයාව ඕන ඒත් එපා. ⁣මට තේරෙන්නැ මොකද්ද මේ කියලා. හිත හරි කලබලයි. ඒත් තාම ඔයා ගැන පුංචි හිතක් තියනවා මට. 

මං හරි ආදරෙයි ඔයාට.

ඔව් මට ඒක පිළිගන්නම වෙනවා. මං එයාට තවමත් ආදරෙයි. මට ඒක දැනෙනවා. මට ඔයාව දැනෙනවා. ඔයා නිසාම මට මාවත් දැනෙනවා. 

හිතේ දෙගිඩියාවෙන් ඉන්න හැඟීම් මහා අමුතුයි. මොනාද හරි මොනාද වැරදි කියලා හිතා ගන්න බැ. හැබෙයි හදවතේ මොන හැඟීමද වැඩි පුරම ගැහෙන්න කියලා තේරුම් ගියොත් ඕන දේ තෝර ගන්න අමාරු ⁣වෙන එකක් නැ. 

හදවතට දැනෙන දේ ආත්මෙම සුවපත් වෙනවා සැනසෙනවා වගේ දැනෙනවා නම් මහා කාලයක් ගියත් මොකද හිත සනීපෙන් නම්. 

ආද⁣රේට අරමුණක් දෙමු. අරමුණු වලට යන ගමන් අපි ආදරේ කරමු. පුංචි ධනයක් විදිහට ආදරේ හුවමාරු කරගමු. සමහර වටිනාකම් හරියටම දැනෙන්⁣නේ අරමුණුත් එක්ක බැඳුනම. 


"ඊළඟ වතාවේ මේ දවසේ මෙතනදී මං මට යන්න පුළුවන්  ඔයා ඔය කියන තැනට ගිහින්⁣ ඇවිත් මුණ ගැහෙන්නම්"


කතාව ගැන

මලයාලම් සිනමාව තුළ හරි අපූරුවට දිග හැරෙන මෙම රෝමාන්තික නිර්මාණය හරහා විශාල්ගෙත් ගයත්‍රිගෙත් අවුරුදු 4ක විශ්වවිද්‍යාල⁣ (College ) මතක ආවර්ජනයක් හරියටම කිව්වොත් දෙන්නගේ ආදර කතාව පිළිබඳව සිහිකැදවීමක් සමඟ නැවත ගොඩනැගීමක් ගැන අන්තර්ගත වේ. 

පැය 02යි විනාඩි 02ක ධාවන කාලයක් හිමි මෙම සිනමා පටය ranjith sankar විසින් අධ්‍යයක්ෂණය කර ඇති අතර ඔහු විසින්ම රචනා කොට තිබේ. Romance  යන Categoryඑක යටතේ දිවෙන මෙම සිනමා නිර්මාණය තුළ ආදරය, විරහව, දෙගිඩියාව, සිත්තැවුල, හිස්බව යනාදී හැඟීම් ගොන්නක මුසුවකින් විශාල තිරයකට ගෙන එනු ලබයි. 

ඇයටත් ඔහුව ඇවැසි, ඔහුටත් ඇයව අවැසි. නමුත් කුමක් හෝ හේතුවක් ඔවුන් අතර ඇති අඩියක දුරට හරස් වේ. එය සිනමාපටය පුරා හරි අපූරුවට පෙන්වා දිමට උත්සාහ දරා ඇති බවට කිව හැකිය. 

ඇත්ත සිතුවිලිවල පවත්නා ප්‍රබලත්වය තරම්ම ප්‍රේමය තුළ පවත්නා හැඟීම් සඳහා වූ  ඇබ්බැහි වීම පිළිබඳව හරි ආදරණීයව අප වෙත ⁣ගෙන ඒමට අධ්‍යයක්ෂකවරයා කටයුතු කර තිබේ.  

Sarjano Khalid (විශාල්) Priya Prakash Varrier(ගයත්‍රී) යන දෙදෙනා රංගනයෙන් දායක වන අතර බැලූ බැල්මට ඔවුන්ගේ රංගනයද කතාවෙහි රසය පවත්වාගෙන යාමට විශාල රුකුලක් වන බවට සඳහන් කළ හැකිය. 2022 වර්ෂයේ මෙය තිරගත වූවත් තවමත් මෙම සිනමාපටය සඳහා විශාල රසික ආකර්ෂණයක් පවතින බවට සඳහන් කළ හැකිය. 

එහෙනම් එකතුවෙන්න ඔබට ඔබේ අතීත කතාවට මෙම නිර්මාණය පුංචි මතක ආවර්ජනයක් විය හැකිය. රෝමාන්තික බවෙහි කිතියක් නුඹට අත්විදීමට හැකිවන බව නොඅනුමානය. 

-නවෝද්‍යා වික්‍රමසිංහ- 


Ditto

අවුරුදු 20ක පරතරයක් , කාලය හරහා ගමනක්.... 💬 Ditto 2022 (ඩිට්ටෝ)  *️⃣ Drama/ Fantasy/Romance  Ditto යනු 2022 වසරේ නිකුත් වූ දකුණු කොරියානු ච...