Showing posts with label Tamil. Show all posts
Showing posts with label Tamil. Show all posts

Wednesday 29 March 2023

Gargi

තම පියාට එරෙහිව දරුවෙකු දූෂණය⁣ කළ බවට චෝදනාවක් එල්ල වුණොත් දියණියක්  හැටියට ඔබ මොකද කරන්නේ? 


ගාර්ගි යනු කුමක් ද?

අපිට හිතා ගන්නවත් බැරි නමුත් සමාජය තුළ සිදුවන බරපතල සමාජමය ගැටලුවක් පිළිබඳව "ගාර්ගි" යන දමිළ සිනමාපටය හරහා ඉදිරිපත් කරනු ලබනවා. 

සිනමාපටය ගැන පුංචි විස්තරයක් දුන්නොත් ගාර්ගි කියන්නේ මධ්‍යම පාන්තික පවුලක වැඩිමහල් දියණිය. ඇය පාසල් ගුරුවරියක් වෙනවා වගේම  පවුලේ සියලුම කාර්යයන්හි ප්‍රධානියා වන්නේ ඇයයි. ඇගේ පියාට පෙර තරම් පවුලේ වගකීම් දැරීමට ශක්තියක් නොමැති නිසාම පවුලේ වගකීම් කරට ගැනීමට ගාර්ගි හට සිදු වෙනවා. 

ඇයට තවමත් පාසල් වයසෙහි පසුවන නැගණියක් ද සිටින නිසාම ඇයගේ වගකීම් ද ගාර්ගි විසින් තමයි සිදු කරන්නේ. චිත්‍රපටිය ආරම්භයේදී ඇයගේ ජීවිතය ඉතා සාමකාමීව ගලා යන ආකාරය අපිට දැකින්න පුළුවන්. 

තම විවාහය ද තීන්දුව පවතින නිසාවෙන් ජීවිතය තුළ තමන් බලාපොරොත්තු වූ කාලය ගෙවීමට ලැබුණු බව සිතමින් සතුටින් සහ වගකීම් සහිතව කටයුතු කරමින් සිටින ගාර්ගිහට  පැය ගණනකදී, දේවල් පාලනයෙන් තොරව ගොස්  ඇගේ පවුල අඳුර විසින් ගිල ගන්ට වූ පුවතක් අසන්නට ලැබෙනවා. ඒතමයි  60 හැවිරිදි තම පියා විසින් දරුවෙකු දූෂණය කළ බවට එල්ල වන චෝදනාව. 

සිතා ගත නොහැකි වූ මෙම තත්ත්වය හමුවේ තම පියාට එරෙහි චෝදනා පිළිගත නොහැකි වීමත් සමඟ ඇය ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලීම සඳහා යුහුසුළුව කටයුතු කිරීමට පටන් ගන්නා ආකාරය ප්‍රේක්ෂකයන්⁣ට දකින්නට හැකි⁣යාව ලැබෙනවා. 

තමන්ට තිබූ එකම ආදායම් මාර්ගය වූ  රැකියාව ද අහිමි වන අතරම ඇයට අවශ්‍ය නීතිමය සහය ලබා ගැනීමට තම පවුල⁣ට බෙහෙවින් සමීපව කටයුතු කරනු ලබන පුද්ගලයෙකුගෙන් උපකාර බලාපොරොත්තු වුවද  අවසානයේ දී ඔහු  උදව් ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඒ විතරක් නොවෙයි ගාර්ගිට තමන්ගේ අම්මත්, නංගිවත් රැගෙන සැඟව සිටින ලෙසටත් ඔහු විසින් පවසනු ලබනවා. 

දුවෙක් විදිහට තමන්⁣ගේ තාත්තට එල්ල වුණ මේ චෝදනාවත් එක්ක අවට සමාජයේ සිටින පිරිස් වෙතින් ලැබෙන නින්දා අපහාසද ඇය කෙසේ හෝ දරා ගනිමින් ඊට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීම ආරම්භ කරනවා. ඇයට නීතිඥයෙකු සහය ද හමුවෙනවා. මේ සියලුම සිදුවීමුත් සමඟ  දූෂණයට ලක් වූ නව හැවිරිදි දැරිය බොහෝ සෙයින් මානසික බලපෑමකට ලක් ව සිටින බව ගාර්ගි දැනගන්නවා. 

තමන්ගේ කුඩා නැගණියගේ වයසේ පසුවන එම දැරියත් අවුරුදු 24ක් තිස්සේ එකම නිවසක් තුළ හැදී වැඩුණු තමන්ගේ පියාත් අතර ඇගේ සිතුවිලි දෝලනය වීමට පටන් ගන්නා ආකාරය සිනමාව තුළ හරි අපූරුවට ප්‍රදර්ශනය කරනු ලබනවා. එය නරඹන විට අප තුළ ද ⁣වෙනස්ම සිතුවිලි සමුදායකට සහ එක් නිශ්චිත නිමාවකට අපව ගෙන එනු ලබනවා. 

සිනමා නිර්මානය වෙනස්ම මගකට....

නමුත් එක් අවස්ථාවක ඒ සියල්ල නොසිතූ අයුරින් වෙනස් කරලීමට අධ්‍යයක්ෂකවරයා කටයුතු කරනු ලබනවා. 

ගාර්ගි හට සහය වන නීතිඥවරයා විසින් ⁣අදාළ නඩු විභාගය ජයග්‍රහණය ⁣දක්වා රැගෙන ඒම සිදු කරනු ලබනවා. පියාව නිදහස් කර ගැනීමට ගාර්ගිහට හැකි වුවද නඩුව යන අතරවාරයේ දී බලපෑමට ලක් වූ කුඩා දැරිය විසින් තම පියාවම සෑම අවස්ථාවකදීම  හයවන සැකකරුවා ලෙසින් පෙන්වා දී තිබීමම ඇයට එක් අවස්ථාවක දී කුතුහලය මුසු හැඟීමක් ඇති කරන්නට හේතු වෙනවා. 

කෙසේවෙතත් පියාව නිවසට රැගෙන ඒමෙන් අනතුරව සිදු වූ සියල්ල ක්‍රමයෙන් අමතක කර දැමීමට ඇය කටයුතු කළද පියා සමඟ මුරසේවයේ යෙදෙන මිතුරා නිවසට පැමිණි දිනක ඔහුත් සමඟ කරන කතාබහකදී  අදහා ගත නොහැකි පුවතක් ගාර්ගි හට දැන ගන්නට ලැබෙනවා. ඇය⁣ සතුව පැවති කුතුහලය නැවතවතාවක් ඉස්මතු වීම සිදුවෙනවා. එයත් සමඟ ගාර්ගි අවසානයේ බලපෑමට ලක් වූ දැරියව මුණ ගැසීමට යාමෙන් අනතුරුව ඇයට දරා ගත නොහැකි කම්පනයකයට මුහුණ දීමට සිදුවෙනවා. 

දන්නවද අපි බෙහෙවින් ආදරයකරන, ගෞරවකරන විශ්වාසකරන පුද්ගලයෙකු අපි කෙදිනකවත් නොසිතා ආකාරයකින් අපව රැවටීමකට ලක් කළහොත් එය දරා ගැනීමම⁣ බෙහෙවින් අසීරු කරුණක්.  පියෙක් සහ දුවෙක් අතර පවතින බැඳීම කිසිම ආකාරයක⁣ට අපට සම කළ නොහැක. නමුත් මෙම සිනමාපටය හරහා බැඳීමට එහා ගිය හෘදසාක්ෂිය පිළිබඳව කතා කරනු ලබනවා. ගාර්ගිට අවසානයේ හෘදසාක්ෂියට අවනත වන්නට සිදුවෙනවා. 

බලපෑමට ලක් වූ දැරියත් තමන්ගේ නැගණිය ලෙසින්ද තමන් ද ගැහැණියක නිසාවෙන්ද ඇයට එම දැඩි තීරණය ගැනීමට සිදුවෙනවා. සිනමාපටය පුරාම දියණියකට කළ හැකි දෑ සහ ඇගේ දරා ගැනීමේ ස්වභාවය ඉස්මතුකරනවා වගේම ජනමාධ්‍ය පිළිබඳව ද දැඩි විවේචනාත්මක කතාබහක් ගෙන එනු ලබනවා. 




වරදක් වරදක් ලෙස දැකීමට බැඳීම් හේතුවක් නොකරගත යුතුබවත් යුක්තිය සැමටම ලැබිය යුතු පොදු දෙයක් වන අතර හදවතෙහි පැවතිය යුතු යුක්තියට සාධාරණව ජීවත් වීම තුළින් ජීවිතේ පවතින තුරාවට සැනසීමකින්, හදවත පිරි සතුටින් ජීවත් විය හැකි බව මෙම සිනමාපටය අවසානයේ නිරූපනය කරේ. සමාජයේ එදිනෙදා මුණ ගැසෙන කතාවක් රැගෙන එය සිනමාවක⁣ට ගෙන ඒමට හරිහරන් රාජු  hariharan raju gargi සහ ගෞතම් රාමචන්ද්‍රන් gautham ramachandran විසින් කටයුතු කරන්නට විය. 

මොවුන් දෙදෙනා විසින් රචනා කරන්නට වූ මෙම චිත්‍රපටය, 2022 වසරේ ඉන්දියානු දෙමළ භාෂා නෛතික නාට්‍ය චිත්‍රපටයක් ලෙසින් ගෞතම් රාමචන්ද්‍රන් විසින් අධ්‍යක්ෂණය කර බ්ලැකී, ජෙනී සහ මයි ලෙෆ්ට් ෆුට් ප්‍රොඩක්ෂන්ස් විසින් නිෂ්පාදනය කරන්න⁣ට විය.

මෙම චිත්‍රපටය සාර්ථක මඟකට ගෙන ඒම සඳහා දකුණු ඉන්දියානු සිනමාවේ දක්ෂ සහ ජනප්‍රිය සිනමා නිළියක් වූ සායි පල්ලවි sai pallavi සහ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ කාලි වෙන්කට් kaali venkat යන දෙදෙනාගේ රංගනය හේතු සාධක වූ බව සදහන් කළයුතු වේ. ප්‍රධාන චරිත නිරූපණයෙන් ගාර්ගි හැඩවන්නට වූ අතර ඉන්දියව වැනි රටක මේ ආකාරයේ සිනමාපටයක් නිර්මානය කිරීම තුලින් සමස්ථ සමාජයටම විශාල පණිවිඩයක් ලබාදීමට හැකිවීම අතිශය වටිනා කරුණක් බව සදහන් කල යුතු වේ.

නවෝද්‍යා වික්‍රමසිංහ.

Ditto

අවුරුදු 20ක පරතරයක් , කාලය හරහා ගමනක්.... 💬 Ditto 2022 (ඩිට්ටෝ)  *️⃣ Drama/ Fantasy/Romance  Ditto යනු 2022 වසරේ නිකුත් වූ දකුණු කොරියානු ච...